April 27, 2024

නියෝජ්‍ය ඇමති මනූෂ කුවේට් රජය සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවක්

කුවේට් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරත විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ කුවේට්හි ගෘහස්ත සේවා දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ මොහොමඩ් අලි අල් අජ්ම් මහතා ඇතුළු එම ආයතනයේ උසස් කළමනාකාරීත්වය සමග ද්වි පාර්ශවික සාකච්ඡාවක් ඊයේ (14) පැවැත්විණි.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විය.

ලබන මාසයේදී කුවේට්හි ආරම්භ කිරීමට නියමිත මිනිස් ශ්‍රමය සදහා වන රාජ්‍ය අධිකාරිය සමඟ එක්ව ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව ආරම්භ කර පැවැත්වීමට නියමිත පළමු හමුවේ අරමුණු හා වැදගත්කම පිළිබදවද මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගත්තේය.

එමෙන්ම විදේශ රැකියා සදහා බදවා ගැනීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියමිත අල් දුරා මෑන් පවර් ආයතනයේ කටයුතු හා එම ආයතනය ආරම්භ කිරීමෙන් පසුව අනෙකුත් විදේශ රැකියා ආයතන සදහා එල්ලවන බලපෑම පිළිබදවත් සාකච්ඡා කර ඇත.

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට ලබාගත යුතු වෛද්‍ය වාර්තා පිළිබවත් මෙහිදී අදහස් හුවමාරු විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 August 2017 16:25