April 26, 2024

CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනපති විවෘත කරයි

මෙරට වැවිලි කර්මාන්තයේ ප‍්‍රවර්ධනය අරමුණු කර ගනිමින් පැවැත්වෙන CRT තේ, රබර්, පොල් අන්තර්ජාතික වෙළෙඳ ප‍්‍රදර්ශනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11)  කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කෙරිණි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබෙන මෙම ප‍්‍රදර්ශනයේදී අදාළ ක්ෂේත‍්‍රයන්හි ජාත්‍යන්තර සමාගම්වල නියෝජිතයින්ට හමුවී අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව සලසා තිබෙන අතර විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත් නව තාක්ෂණය හා පහසුකම් සමග බද්ධ වීමටත් ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව උදා වේ.

දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිලදී ගන්නන් සහ ආයෝජකයින් විශාල පිරිසක් මෙම ප‍්‍රදර්ශනයට එක්ව සිටින අතර මෙය මෙවර ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශී‍්‍ර ලාංකික වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රය නැවුම් ඉසව් ගණනාවකින් ජාත්‍යන්තරයට සමීප කරවීමට හැකි වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 16:33