May 02, 2024

කොළඹ තේ වෙළඳුන් සමඟ ජනපති තේ පැන් සංග්‍රහයක

වසර පහකට වරක් ශ‍්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය සඳහා සහභාගි වීමට පැමිණි කොළඹ තේ වෙළෙඳුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ තේ වැවිලිකරුවන් ඊයේ (09)  පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ තේ පැන් සංග‍්‍රහයකට එක් විය.

මෙවර කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සමාරම්භක උත්සවය ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අතර සමුළුව ඉදිරි දෙදින පුරා කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වෙනු ඇත.

මෙම සමුළුවට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සම්බන්ධ විදේශීය තේ ව්‍යාපාරිකයින් 200 කට ආසන්න ප‍්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

 

Rate this item
(0 votes)