April 27, 2024

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ජාත්‍යන්තර සම්මානයක්

පසුගියදා ඉන්දුනීසියාවේ “බාලි” හි වෛකල්පිත වෛද්‍ය විශ්ව විද්‍යාලය (University of Natural Medicina) විසින් සංවිධානය කළ උපාධි ප්‍රදානනෝත්සවයට සමගාමීව පැවති ඇගයිම් ප්‍රදානයේ දී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත ස්වභාවික, සෞඛ්‍යාරක්ෂිත, කාබනික ආහාර ප්‍රවර්ධනය කරමින් නිරෝගී, යහපැවැත්මක් සහිත පුරවැසියන් බිහිකිරීම උදෙසා ක්‍රියාශීලි දායකත්වය අගයමින් ජාත්‍යන්තර සම්මානයක් පිරිනමන ලදී.

මෙම සම්මානය ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්ය Heather Wardell Johnson මහත්මිය සහ කොරියානු ජාතික මහාචාර්ය Wayne Bottiger මහතා විසින් පිරිනැමුණු අතර, ආයතනය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දක්වන ලද විශිෂ්ට සහයෝගීතාවය උදෙසා මෙම අන්තර්ජාතික සම්මානය පිරිනැමිණ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති ධම්මික පීරිස් මහතා වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “ 2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම ” උදෙසා දක්වන ලද අඛණ්ඩ දායකත්වය අගයමින් මෙම සුවිශේෂී සම්මානය පිරිනැමීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 August 2017 12:40