April 26, 2024

මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව පුම්‍රඛ අනුග්‍රාහක දායකත්වය  පිරිනමයි. 

ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා වෙත මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ටී. ජී එස්.පී කුමාරසිරි මහතා අතින් මෙම ප්‍රදානය සිදු කෙරිණි.

පෞරාණික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩාව අනුග්‍රාහක දායකත්වය ලබා දීම පිළිබඳව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා මෙහිදී මහජන බැංකුව වෙත තම ස්තුතිය පුද කළේය.

 

 

Rate this item
(0 votes)