April 27, 2024

මහජන බැංකුවේ "ඩිජිටල් මධ්‍යස්ථානය" විවෘත වෙයි

ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කරමින් මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01,යෝර්ක් වීදියේ, අංක 68 දරණ ස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතින් විවෘත කෙරිණි.

මෙය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය වූ ප්‍රථම බැංකු මධ්‍යස්ථානය ද වේ.එමෙන්ම මෙදින සිය ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් ඉක්මන් හා පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් එක්ස්ප්‍රස් බෑන්කින් සේවාව දියත් කිරීමටද මහජන බැංකුව පියවර ගත්තේය.

ආරම්භයේදී නව ඩිජිටල් යන්ත්‍ර හා පහසුකම් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ට ඒ සම්බන්ධයෙන් මගපෙන්වීම් සිදුකිරීම සඳහා බැංකු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇති අතර මේ පිළිබඳව ගනුදෙනුකරුවන් මනා පළපුරුද්දක් ලැබූ පසු ඔවුන්ට සහයෝගයකින් තොරව තම ගනුදෙනු කටයුතු සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

2020 වසර වන විට වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වෙමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කර දීම සඳහා මහජන බැංකුව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි වේ.  

 

 

Rate this item
(2 votes)