April 27, 2024

වාහන ලීසිං වල ලොකු වෙනසක් - වාහන බලපත්‍ර රෙගුලාසිත් වෙනස් වෙයි!

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 25000ක වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා ඇති බව මහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වේ.

අමෙරිකානු ඩොලර් 30,000ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60ක් වන බවද එහි සඳහන් වේ.

සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර් රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර සියයට 50ක්ව පැවති ආසන 33ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව, සියයට 90 දක්වා වැඩිකර ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි මහතාගේ සඳහන් කළේ සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි.

Rate this item
(0 votes)