April 26, 2024

පිටරටින් හාල් ගේන්න පුද්ගලික අංශයට අවසර දෙයි

දේශීය වෙළඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ.

ඒ පිළිබඳව පසුගියදා පැවත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ඒ අනුව, දේශීය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි සහ පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිල දී ගැනීමට හැකිවන පරිදි සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.

Rate this item
(0 votes)