April 27, 2024

ශී‍්‍ර ලංකා - ඔස්ටේ‍්‍රලියා නව ගිවිසුම් 03කට අත්සන් තබයි

ඔස්ටේ‍්‍රලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඔස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව අද (25) පෙරවරුවේ ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් කිහිපයකට ද මෙහිදී නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර ඒකාබද්ධ ප‍්‍රකාශනයකට ද අත්සන් තැබුණු අතර ඔස්ටේ‍්‍රලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Julie Bishop මහත්මිය සහ ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊට අත්සන් තැබූහ.

එමෙන්ම ඔස්ටේ‍්‍රලියා න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය සහ වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණු අතර ඔස්ටේ‍්‍රලියා න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Adrian Pateson මහතා සහ ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා ඊට අත්සන් තැබූහ.

අභිප‍්‍රාය ප‍්‍රකාශ කිරීමේ ලිපියට අත්සන් තබන ලද්දේ ඔස්ටේ‍්‍රලියානු භූ විද්‍යා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී James Johanson මහතා සහ ශ‍්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා විසිනි.

ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ලේකම් ආචාර්ය Martin Parkinson, අග‍්‍රාමාත්‍ය සහ කැබිනට් මණ්ඩල ජ්‍යෙෂ්ඨ උපදේශක Sean Starmer, අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක Philippa King, එරට ජාතික ආරක්ෂක උපදේශක Justin Bassi, එරට විදේශ කටයුතු ලේකම් Frances Adamson, ශ‍්‍රී ලංකාවේ ඔස්ටේ‍්‍රලියානු තානාපති Bryce hutchesson යන මහත්ම මහත්මීන් ද අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)