May 08, 2024

ලබන මස සිට හැඳුනුම්පතේ ලොකු වෙනසක්! ස්‌මාර්ට්‌ හැඳුනුම්පත ලැබෙන්නේ මෙහෙමයි

යෝජිත විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කරන තෙක්‌ ලබන මැයි මාසයේ සිට ස්‌මාර්ට්‌ හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමාසාරිස්‌ ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ 1972 වර්ෂයේ සිට මේ දක්‌වා නිකුත් කෙරෙන පැරණි ලැමිනේටින් හැඳුනුම්පත මෙම ස්‌මාර්ට්‌ හැඳුනුම්පතක්‌ සමගම අහෝසි වන බවයි. 

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ තරුණ තරුණියන් සඳහා මෙන්ම සංශෝධන හා අස්‌ථානගතවීම් සඳහාද මෙම ස්‌මාර්ට්‌ හැඳුනුම්පත අලුතින් නිකුත් කෙරේ.

පැරණි යන්ත්‍ර සූත්‍ර හා ක්‍රමවේද ඔස්‌සේ 45 වසරක්‌ තිස්‌සේ පවත්වාගෙන ආ මෙම අනාරක්‍ෂිත හැඳුනුම්පත් ක්‍රමය හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට ඉඩ සැලසී ඇතැයිද එම ක්‍රමය වර්තමානයට කිසිසේත් ගැලපෙන්නේ නැතැයිද කොමාසාරිස්‌ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 April 2017 10:10