April 26, 2024

අපනයනකරුවන් 2000ක් බලගැන්වීමේ වැඩසටහනක් උතුරට

උතුරු පළාතේ ලංකා කාර්මික මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන කුඩා කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදනයන් අපනයන තත්වයට පත් කරලීමේ අදහසින් අද (23) කුඩා කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් හා සාකච්චාවක් උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අපනයනකරුවන්ගේ ප්‍රදර්ශන කුටි විවෘත කිරීම හා අපනයන භාණ්ඩ නිරීක්ෂණය කිරීමද සිදු කෙරිණි. වියලි ආහාර, මත්ස්‍ය නිෂ්පාදන, අයිස් ක්‍රීම්, බෝතල් කල ආහාර, පොල් කටු නිෂ්පාදන, අත්කම් භාණ්ඩ වර්ග, එළවලු වර්ග, පලතුරු වර්ග වැනි බොහෝ දේ ප්‍රදර්ශන කුටි එම ප්‍රදර්ශනයට එක් කර තිබේ.

විශේෂයෙන්ම අපනයනකරුවන් දිරි ගැන්වීම සදහා මුල්‍ය සහනාධාර ලබා දෙන සියලුම වාණිජ බැංකු සහභාගිත්වයෙන් අපනයන කර්මාන්ත ප්‍රමිතිය හා වෙළදාම ප්‍රවර්ධනය කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක්ද පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ව්‍යවසාය සංවර්ධන හා ජ්‍යාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජ්‍යාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, පා.ම සුමන්දිරන් යන මහත්ම මහත්මීන්ද රාජ්‍ය නිළධාරීන් හා ව්‍යවසායකයින් රැසක්ද සහභාගී විය.

 

Rate this item
(0 votes)