April 27, 2024

නවීන උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් 

ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන නවීන උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වාදීමේ හමුවක් ද ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

BRJW පුද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය  හදුන්වාදෙන අතර ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය තත්පර කිහිපයක් ඇතුළත පිරිසිදු පානීය ජලය බවට පත්කරගත හැකි වන සේ සකස්කර ඇති එම උපකරණය මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද්දකි.

එම උපකරණය මෙහිදී  ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන්, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ද BRJW පුද්ගලික සමාගමේ සභාපති ධරින් වීරසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

Rate this item
(0 votes)