April 27, 2024

ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම ඉදිකෙරේ

ලොව නැඟී එන තාක්ෂණයන් අතරට ගැනෙන 'ජෛව තාක්ෂණය' හා සම්බන්ධ පර්යේෂණ හා කර්මාන්ත රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව යටතේ හඳුනාගනු ලැබ ඇති අතර 'ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්' ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා 2017 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. 

ඒ අනුව, හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය තුළ රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවක් වශයෙන් ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 

Rate this item
(0 votes)