April 27, 2024

හෙල්මට් නීතිය ගැසට් කරයි - නව නීති මාලාව මෙන්න

February 24, 2017

යතුරුපැදිකරුවන් සහ යතුරුපැදිවල ගමන් කරන්නන්, පැළදිය යුතු ආරක්ෂක හිස් වැසුම් සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයෙන් ආරක්ෂක හිස් වැසුමක තිබිය යුතු අවශ්‍යතා දක්වා තිබේ.

සුරක්ෂිතව සවිවන පරිදි නිකට පටියකින් සවි කරනු ලැබූ, බාහිර පර්යන්ත දැක්මට බාධාවක් නොවන සහ මුහුණු පෙදෙස නිරාවරණය වන පරිදි ආරක්ෂක හිස් වැසුම පැවතිය යුතුයි.

එම හිස්වැසුම් අදුරු කරන ලද හෝ වර්ණ ගන්වන ලද ද්‍රව්‍යකින් නිපදවනු නොලැබූවක් වන අතර මුහුණු ආවරණයක් සහිතව සවිකර තිබිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ආරක්ෂක හිස් වැසුමක් පැළඳ සිටින විට එය පැළඳ සිටින පුද්ගලයා හඳුනාගත හැකි විය යුතු අතර එය තනි ඒකකයක් ලෙස පැවැතිය යුතු වෙයි.

ආරක්ෂක හිස්වැසුම් සියයට 90ක්ම තනි වර්ණයකින් යුක්ත විය යුතු බව ගැසට් නිවේදනයේ දක්වා ඇති අතර එමෙන්ම ප්‍රමිති සහතිකය ලබා තිබීම ද අවශ්‍යතාවක් වෙයි.

යතුරු පැදි ධාවන තරඟයකදී පමණක් මෙම නියෝගවලට වෙනස් ආකාරයේ ආරක්ෂක හිස්වැසුම් පැළදිය හැකි බව ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

No automatic alt text available.

No automatic alt text available.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 February 2017 09:23