May 21, 2024

පැරණි බස් දහසක් ගොඩගන්න ලංගමය සැරසෙයි

ධාවනයට නුසුදුසු තත්වයේ පවතින බස් රථ දහසක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

වසර 15ට වඩා පැරණි බස් රථ දහසක් මෙලෙස අලුත්වැඩියා කිරීමට නියමිත බවත් මේ සඳහා රුපියල් මිලියන 3000ක මුදලක්  වැයවන බවට තක්සේරු කර ඇති බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්මික බී.කේ ආරියරත්න මහතා පැවසී ය.

මේ අතර අලුත්වැඩියා කර භාවිතයට ගත නොහැකි මට්ටමේ තවත් බස් රථ 500ක් පවතින බවට හඳුනාගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)