April 27, 2024

ටයර් නිපදවීමේ ඉහළ තාක්‌ෂණයෙන් සපිරි ටයර් නිෂ්පාදනාගාරයක්‌

ශ්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදනයේ කඩඉමක්‌ පසුකරමින් මෙරට ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියෑට්‌ කැලණි හෝල්ඩින්ග්ස්‌ සමාගම විසින් මගී මෝටර් රථ සහ SUV වාහන සඳහා අවශ්‍ය රේඩියල් ටයර් නිපදවීමේ ඉහළ තාක්‌ෂණයෙන් සපිරි ටයර් නිෂ්පාදනාගාරයක්‌ නිළ වශයෙන් විවෘත කරන ලදී.

මෙම සුවිශේෂී උත්සව අවස්‌ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අමාත්‍යවරු පිරිසක්‌ සහභාගි වුහ. 2009 වසරේ සිට සියෑට්‌ කැලණි ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සිය කර්මාන්තශාලා සංකීර්ණයේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටත් මෙම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ නව නිෂ්පාදනාගාරය ගොඩනැගීම සඳහාත් රුපියල් බිලියන 2.5 ක පමණ මුදලක්‌ ආයෝජනය කර ඇත.

Rate this item
(0 votes)