May 03, 2024

නැව්ගත කරන්නන්ගේ සංගමය 50 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදීය. අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය හා නිසි කලමනාකාරීත්වය ආයතනයේ දියුණුවට හේතුවූ බවයි.
 
“වරාය හා නාවික අමාත්‍යවරයා විදිහට මම විශේෂ අවධානයක් යොමු කරනවා ආනයන අපනයන සංවර්ධනය සම්බන්ධයෙන්. මෙය අපේ ජාතික ආර්ථිකයට සෘජුවම බලපානවා. මම විශ්වාස කරන විදිහට නැව්ගත කරන්නන්ගේ සංගමය රටේ සංවර්ධනයට විශේෂ දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය දක්වන්නේ විශාල දායකත්වයක්. නැව් හිමියන්ගේ ආරක්ෂාවට සහ ප්‍රවර්ධනයට නැව් සමාගම් ලොකු දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. 
 
ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමය ආසියාවේ පිහිටවූ පළමු ජාතික නැව්ගත කරන්නන්ගේ සංගමයයි. මෙය 1966 වර්ෂයේ පිහිටුවන ලදි. මෙම සංගමය ස්ථාපිත කිරීමට මූලික දායකත්වය ලබා දී ඇත්තේ එක්සත් ජාතික වෙළඳ හා සංවර්ධන සමුළුවයි. එසේම මෙම කවුන්සලයේ සාමාජිකත්වය ගෙන ඇති ආයතන කිහිපයකි. එනම් වාණිජ මණ්ඩල ආයතනය, වෙළඳ සංගමය සහ ස්වාධීන ආයතනයි. මෙම කවුන්සිලයේ කළමනාකරණ මණ්ඩලයට නිෂ්පාදන සමාගම් 14ක් ඇතුළත් වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබා දීමට මෙම ආයතනය සමත් වී තිබේ.  
 
එහිදී අදහස් දක්වමින් නැව්ගත කරන්නන්ගේ සංගමයේ සභාපති ශෝන් වෑන් ඩෝට් මහතා,
 
“ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන වෙළඳාමේ දියුණුවට මෙම නැව්ගත කරන්නන්ගේ සංගමය ලොකු දායකත්වයක් ලබා දෙනවා. මේ රට මිලියන 20 ජනතාවක් ජීවත් වන පුංචි දූපතක්. නමුත් අපි ජාත්‍යන්තර වෙළඳපොලට යායුතු වෙනවා. ලෝකයේ අංක එකේ නිෂ්පාදන අරගෙන. අපි ස්ථීර වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ සාමාජිකයින් විය යුතු වෙනවා.“ යැයි පැවසීය.
Rate this item
(0 votes)