May 03, 2024

මහ බැංකු පොලී අනුපාත ඉහළට

උද්ධමන පීඩන ක්‍රමයෙන් ඉහළ යෑම වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස අධි ඉල්ලුම් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සහ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳමා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 

ඒ අනුව 2016 ජූලි මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාත ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.5% සිට 7% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8% සිට 8.5% දක්වාත් ලෙස ඉහළ දමා ඇත.

 

Rate this item
(0 votes)