April 27, 2024

ගල්කිස්ස හංදියට සුපිරි හෝටලයක්.

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය විසින් ගල්කිස්ස ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ගොඩනැගීමට සූදානම් වන බව අනාවරණය වේ. කාමර 98 කින් සමන්විත මෙම හෝටලය ගල්කිස්ස නගර මධ්‍යයේ තිබෙන සුපිරි වෙළඳ සැල් සංකීර්ණයට යාබද පර්චස් 75 ක ඉඩමක ඉදිකිරීමට නියමිතයි.

එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට යෝජිත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2016 වසරේදීයි. මේ සඳහා හෙට්ටිගොඩ සමූහය විසින් රුපියල් බිලියන 1.5 ක පමණ මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.

තට්ටු 08 කින් සමන්විත වන මෙහි පහළ තට්ටු දෙකේ සාප්පු සංකීර්ණයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය සතුව මේ වනවිට වාද්දූවේ කාමර 50 කින් යුක්ත හෝටලයක් ඇති අතර නව හෝටලය ගොඩනැගීමෙන් පසුව සමූහය සතු හෝටල් කාමර ප්‍රමාණය 148 ක් දක්වා ඉහළ යනු ඇති.

Rate this item
(1 Vote)