May 11, 2024

මාළු මිල ගණන් තව දුරටත් ඉහළ යයි.

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව මධ්‍යම මත්ත්ස වෙළඳපොල ආරංචි මාර්ගවලින් අනාවරණය වී තිබේ.එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම කාලය මත්ත්ස සම්පත් හිඟ කාලයක් නොවුනද දිවයිනේ පවතින අයාහාපත් කාළගුණය මත වෙළඳපොලට සැපයෙන මත්ත්ස වර්ග අඩු වී ඇති බවයි. මේ වන විට තෝරා මත්ත්ස තොග කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1500 කට ආසන්න තරම් අගයකින් බවත් මධ්‍යම මත්ත්ස වෙළඳපොල තොරතුරුවල සඳහන්.

මත්ත්ස ග්‍රහණය අඩු වීමට බලපාන තවත් හේතුවක් ලෙස මුහුද දැඩි අඳුරු ස්වභාවයක් ගැනීමද බලපා තිබෙන අතර ඉකුත් පෝය දිනයෙන් පසු එම තත්ත්වය තව දුරටත් වර්ධනය වී තිබෙන බවද වාර්තා වේ. කෙසේ වෙතත් තවත් දින කිහිපයක් මෙම තත්ත්වය පැවතිය හැකි යැයි ද මධ්‍යම මත්ත්ස වෙළඳපොල තොරතුරු වාර්ථා කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 June 2014 09:20