May 03, 2024

මෙරට වෘත්තිකයින්ට මැලේසියාවේ රැකියා අවස්ථා රැසක්

ශී‍්‍ර ලාංකික වෘත්තිකයින්ට සහ පුහුණු ශ‍්‍රමිකයින්ට මැලේසියාවේ රැුකියා අවස්ථා රැසක් උදාකරදීමට මැලේසියාව එකඟතාවය පළ කර ඇත.

ඒ පිළිබඳ ගිවිසුම මෙම වසර අගදී දෙරට අතර අත්සන් තැබීමට නියමිතය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා උප අගමැති අහමඞ් සහිිඞ් හමිඩි මහතා (Dr. Ahmad Zahid Hamidi) පසුගිය 21 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්වාට ලක් විය.

මැලේසියාවේ නිල සංචාරයක් සඳහා ද මැලේසියා උප අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත ආරාධනා කළ අතර නුදුරු දිනකදී ම ඒ සඳහා පැමිණෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)