May 04, 2024

සම සුසුදු කරවන නවතම 'සීරම්' තාක්ෂණය සමඟ විටාවයිට් දැන් දිවයින පුරා

තාක්ෂණය කියන්නේ නිතරම වෙනස් වන දෙයක්. සම සුරැකීමේ තාක්ෂණයත් ඊට වඩා වෙනස් නැහැ. අලුත් දෙයක් එද්දි පරණ දේ ඉවත් වෙලා යනවා. කාලයක් තිස්සේ අපි පුරුදු වෙලා හිටියේ ක්‍රීම්, ෆේස් වොෂ් වගේ දේ වලට. දැන් ලෝකය පුරා අලුතින් පැතිරෙන තාක්ෂණය තමයි සීරම් තාක්ෂණය.

සීරම් (Serum) එකක් යනු කුමක් ද?

සීරම් එකක් කියන්නේ සම සුරකින ක්‍රියාකාරී ද්‍රව්‍ය සාන්ද්‍රගත කර සකස් කළ සැහැල්ලු ආලේපනයක්. බරින් අඩුයි. සම තුලටම කා වැදී ඇතුලතට ගමන් කිරීමට හැකියි. ඉතා කුඩා ප්‍රමාණයක් ආලේප කිරීමෙන් විශාල ප්‍රතිපලයක් ලබාගත හැකියි. සීරම් වල තෙල් ගතියක් නැහැ. එම නිසා තෙල් සහිත සමකට වුවුද ඉතා සුදුසුයි. සීරම් එකක් පාවිච්චි කිරීමට වඩා සුදුසු කාලය උදෑසන සහ රාත්‍රී කාලයයි. සාන්ද්‍රගත ද්‍රව්‍ය අඩංගු සීරම් වල ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිඵල ඉහළයි. සැහැල්ලු බව නිසා භාවිතය පහසුයි.

විටාවයිට් වල විශේෂත්වය

සම සුසුදු කරවන බිසබොලොල් නමැති කැමමයිල් මලෙන් ලබා ගන්නා ස්වාභාවික සංඝටක සහ විටමින් C සහිත විටාවයිට් සම පැහැපත් කරනවා. බිලීචින් වලින් තොරයි. විටමින් C මගින් අපේ සමේ මෙලනින් නිෂ්පාදනය අඩු කරනවා. ඒ වගේම කොලැජන් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු කරනවා. ඒ නිසා සුමුදු පැහැපත් සමක් ලැබෙනවා. විටාවයිට් වල විටමින් E අඩංගුයි. විටමින් E ප්‍රතිඔක්සිකාරකයක්. එමඟින් සම ආරක්ෂා කරනවා.

විටාවයිට් සීරම් එක වෙළඳපොළට එන්නේ Applicap ස්වරූපයෙන්. ඒ නිසා නැවුම් බව ආරක්ෂා වෙනවා. Applicap 30ක් අඩංගු පැක් එකක් රුපියල් 1760ක් පමණයි.

විටාවයිට් කියන්නේ ඔස්ට්‍රේලියාවේ මෙගා ලයිෆ් සයස්සස් ආයතනයේ නිෂ්පාදනයක්. ආනයනය සහ ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම සිදුකරන්නේ A බවර් සහ සමාගමයි.

විටාවයිට් දැන් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ෆාමසි සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අළෙවි සැල් වලින් ලබාගත හැකියි.

වැඩි විස්තර සඳහා අමතන්න - මෙගා ලයිෆ්සයන්සස් පුද්ගලික සමාගම

දුරකතන අංක - 114 375364 හෝ 075 931 3086

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 July 2016 11:51