May 04, 2024

මාදැල් කර්මාන්තය නියාමනයට පියවර

මාදැල් ධීවර කර්මාන්තය නියාමනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

1950 කාල වකවානුවේදී වෙරළාසන්නව සිදු කෙරුණු මාදැල් ධීවර කර්මාන්තය මඟින් ජාතික මත්ස්‍ය නිෂ්පාදනයට ලබා දුන් දායකත්වය 40%ක් පමණ වූ නමුත් වර්තමානය වන විට එම දායකත්වය විවිධ හේතූන් නිසා ක්‍රමයෙන් අඩු වී ඇත. 

මුහුදේ තත්ත්වය සෞම්‍යව පවතින කාල සීමාව තුළ ක්‍රියාත්මක වන මාදැල් ධීවර කර්මාන්තය සඳහා ශ්‍රමය අධික ලෙස අවශ්‍ය වන අතර, එමඟින් වෙරළාසන්නව වාසය කරන්නන් හට රැකියා අවස්ථා ජනිත කෙරේ. කෙසේ වුවත් අල්ලා ගත යුතු මසුන් ඉලක්ක කොට තෝරා ගැනීමකින් තොරව, මසුන්ගේ ප්‍රමාණය නොසලකා සියලුම මසුන් දැලට හසු කරගන්නා බැවින් මෙම ක්‍රමය පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස නොසැලකේ. 

1984 වර්ෂයේ දී මාදැල් කර්මාන්තයට අදාළ රෙගුලාසි පනවන ලද අතර කාලීන අවශ්‍යතා මත ඒවා සම‍ාලෝචනය කිරීමේ අවශ්‍යතාවක් මතුවී ඇත. ඒ අනුව, මාදැල් ධීවර කර්මාන්තය දැනට මුහුණ දෙනු ලබන ගැටලු සොයා බලා ඒවාට පිළියම් ලබා දීමට සහ ගැඹුරු අධ්‍යයනයක් කොට තිරසර මාදැල් ධීවර කර්මාන්තයක් උදෙසා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Rate this item
(0 votes)