May 04, 2024

සීගිරිය එදා තිබුණු විදියට අද දකින්න අවස්ථාවක්

මහරජ ගැමුණු, පත්තිනි වගේ ලංකාවේ බිහිවුණු සිනමා නිර්මාණයන්ට පසුතලය ලෙස යොදා ගැනුනු ෆොරස්ට් රොක් ගාඩ්න් හෝටලයේ නිර්මාතෘවරයා මේ දිනවල ලහි ලහියේ අලුත් වැඩක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සීගිරිය ගොඩනැගීම පදනම් වුනු ලංකාවේ මෙතෙක් බිහිවූ විශාලතම දෘෂ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපටයක් තමයි ඔහුගේ මේ අලුත්ම නිර්මාණය. සීගිරිය නිර්මාණය වූ ආකාරය සජීවි කරනා මෙම චිත්‍රපටය ලංකාවේ මෙතෙක් බිහිවන දැවැන්තම ත්‍රිමාණ චිත්‍රපටය වන බව වාර්තාවේ.

දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ශිල්පීන් රැසකගේද මේ සඳහා සිය දායකත්වය සැපයෙන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වසරේ අගදී මෙහි රූගත කිරීම් ආරම්භ වන බවත් එය ලාංකීය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් වන බවත් චිත්‍රපට කණ්ඩායමේ පිරිසගේ අදහස වේ.

Rate this item
(0 votes)