May 04, 2024

ඩීසල් වාහනවලට තහනමක්?

වසර 10 ඉක්මවූ ඩීසල් වාහනවලට ඉන්දියාවේ දිල්ලි අගනුවරට ඇතුලූවීම තහනම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එය වහාම ක්‍රියාත්මක වන බව හරිතකරණය සඳහා වූ ඉන්දීය විනිශ්චය සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස දිල්ලි නුවරට ඇතුලූවන වාහන සංඛ්‍යාව සීමා කිරීමටද පසුගියදා පියවර ගෙන තිබිණි.

නව තීරණය එහි දිගුවක් ලෙස ක්‍රියාත්මක කෙරේ. 

නවදිල්ලිය ලෝකයේ වායු දූෂණය ඉහළම නගරවලට අයත් වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 July 2016 10:54