May 04, 2024

ජාත්‍යන්තර බැංකුවල තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට පියවර

මෙරට රාජ්‍ය බැංකු ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බැංකු තත්ත්වයට පත් කිරීම සඳහා අමෙරිකාවේ සිටි බැංකුව භාවිත කරන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ පළමු සාකච්ඡාව මෙරට සංචාරයක නිරත අමෙරිකාවේ සිටි බැංකුවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජූලි මොනාකෝ මහත්මිය සහ අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙහිදී මෙරට රාජ්‍ය බැංකු මගින් ගනුදෙනුකරුවන්ට වඩා ඵලදායී සේවාවක් ලබාදීම සඳහා භාවිත කළ යුතු තාක්ෂණය පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් සිදුවී තිබේ.

මීට අමතරව ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා තිබෙන එසැණ බැංකු සේවය (Online Service) පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

 

Rate this item
(0 votes)