May 06, 2024

වැට් බද්ද අඩුවෙන කාලය ගැන ඇමති රවී කියයි

වැට් බද්ද ඊළඟ වසරේ අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (09) බ්ලුමැන්ඩල් පෙදෙසේ අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

වැට් බද්ද හෝ ජාතිය ගොඩනැඟීමේ බද්ද යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුව ඇති බවත්, ඒ දෙකෙන් ජනතාවට අඩු බරක් පැටවෙන්නේ වැට් බද්දෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ ආකාරයට බදු වැඩිකරමින් ආදායම තර කර ගැනීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂවරුන් විසින් ආර්ථිකය විනාශ කිරීම නිසා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිකල් නොගොස් ජනතාවගේ හිතවතා කියලා ලඟදීම තමාට කියනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 July 2016 01:40