May 05, 2024

පසුගිය මාස 6ට වැටලීම් 10,146 ක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය මාස 6 තුළ එනම් 2016 ජනවාරි 01 දා සිට ජුනි 30 දක්වා හදිසි වැටලීම් 10,146 ක් සිදුකර දඩ මුදල් ලෙස රුපියල් මිලියන 45. 7 ක මුදලක් අයකරගෙන ඇත.

2016 ජනවාරි මස වැටලීම් 1636ක්, පෙබරවාරි 1861ක්, මාර්තු 1874ක්, අප්‍රේල් 1630ක්, මැයි 1468ක් හා ජුනි 1677ක් ලෙස මෙම වැටලීම් සිදුකර ඇති අතර ජනවාරි මාසයේ පමණක් සිදුකල වැටලීම් වලින් දඩමුදල් ලෙස රුපියල් මිලියන 10 ක් අයකර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් විය. 

මේ අතරින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර එම ප්‍රමාණය 846 කි. මහනුවර වැටලීම් 798 ක්ද, කොළඹ 618 ක්ද, පුත්තලම 583 ක්ද, කෑගල්ල 507 ක්ද ලෙස මෙම වැටලීම් සිදුකර ඇත.

වැඩිම දඩමුදල් ප්‍රමාණයක් අයකර ගැනීම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදුකර ඇති අතර, එම මුදල රුපියල් මිලියන 4.1 කි. අඩුම වැටලීම් ප්‍රමාණය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර එය 241 කි.

පසුගිය වසරේ ( 2015) මුල් මාස 6 තුල පාරිභෝගික අධිකාරිය සිදුකල මෙවැනි වැටලීම් වලින් රුපියල් මිලියන29.36 ක් දඩ මුදල් ලෙස අයකර ගෙන ඇති අතර එය මෙම වසරේදී 55% ක වැඩිවීමක් පෙන්නුම් කරමින්  රුපියල් මිලියන 45.7 ක් දක්වා වැඩිවී ඇත.

 

Rate this item
(0 votes)