May 05, 2024

මැණික් හා රත්රන්වල නිසි ප්‍රමිතිය බැලීමට නව ක්‍රමයක්!

ජනතාවට විශ්වසනීයත්වයෙන් යුතුව මැණික් හා ස්වර්ණාභරණ ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් නියම ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

පසුගියදා ගාල්ලේ පිහිටුවන ලද ස්වර්ණාභරණ හා මැණික් පරීක්ෂා කිරීමේ රසායනාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

ගාලූ දිස්ත‍්‍රික්ක ජනතාවගෙන් දශක දෙකකට වැඩි කාලයක් පුරාවට පැවති ඉල්ලීමක් මත ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම රසායනාගාරය ගාල්ලේ ඉදිකෙරුණු අතර ඉදිරියේදී නුවර සහ යාපනය ප‍්‍රදේශයන්හිදී ද මෙවැනි රසායනාගාර ස්ථාපිත කිරීමට නියමිතය.

ශ‍්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට නව තාක්ෂණය හා රජයේ විශ්වසනීයත්වය තහවුරු කිරීමේ අරමුණෙන් මෙම රසායනාගාර ස්ථාපිත කරනු ලබයි.

මෙහිදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා අතින් ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් පිරිනැමනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා රසායනාගාර කටයුතු පිළිබදව නිරීක්ෂණය කළේය.

 

Rate this item
(0 votes)