April 26, 2024

දෝෂයක් නිසා ටොයොටා විකුණු වාහන නැවත කැඳවයි..

ලොව සුප්‍රසිද්ධ ටොයොටා මෝටර් රථ සමාගමේ මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න සංඛ්‍යාවක වායු බෑගයේ (airbag) ඇතිවී තිබෙන දෝෂයක් නිසා එය නිවැරදි කිරීම සඳහා සමාගම වෙත නැවත කැඳවීමට තීරණය කර තිබෙන අතර සමාගම විසින් මෙම මෝටර් රථ ලෝකය පුරාම අලෙවිකර තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

මෙම දෝෂය තිබූ මෝටර් රථ රැසක් පසුගිය වසරේදී සමාගම විසින් නිවැරදි කර තිබුණත් සැපයුම් කරුවන් විසින් සපයා තිබූ අනුක්‍රමික අංකවල දෝෂයන් ඇති බැවින් ඒවාද සමාගම වෙත කැඳවීමට සිදුවන බව සමාගම පවසා ඇත.

මෙම මෝටර් රථ කාණ්ඩවලට කොරොල්ලා, මැට්‍රික්ස් සහ ටුන්ඩ්‍රා යන 2003 සිට 2004 දක්වා නිෂ්පාදනය කර තිබූ වාහන මාදිලි ඇතුළත් වෙයි.

මේ වන විට ලෝකය පුරා විකුණා තිබෙන මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් මෙම දෝෂයට ලක්ව තිබෙන බව අනාවරණව වී ඇත.

මීට පෙරද ටොයොටා Prius හයිබ්‍රීඩ් රථවල තාක්ෂණික දෝෂයක් නිසා සිදුකළ නැවත කැඳවීම ලංකාවටද බලපෑ අතර ලංකාවට විකුණා තිබූ එම මෝටර් රථවල වූ තාක්ෂණික දෝෂය ටොයොටා ලංකා සමාගම විසින් නිවැරදි කළා.

 

Rate this item
(1 Vote)