May 05, 2024

දකුණු ආසියාවේ ප්‍රථම වරට මොබිටෙල් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය අත්හදා බලයි

ජාතික ජංගම දුරකථන ජාලය වන SLT මොබිටෙල් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර සිටියි. 

මෙම තාක්‌ෂණය තුළ තත්පරයකට ගිගා බයිට්‌ 1 (1Gbps) අභිබවන දත්ත වේගයක්‌ වෙත ළගාවීමේ හැකියාවක්‌ ඇත. 

2007 දෙසැම්බර් මාසයේදී සුපිරි 3.5G HSPA ජාලය දකුණු ආසියාව තුළ ප්‍රථම වරට දියත් කළ SLT මොබිටෙල් සමාගම 2009 වසරේදී HSPA+, MIMO යන ජංගම දුරකථන තාක්‌ෂණයන් ද හඳුන්වා දීමට කටයුතු කර ඇත. එමෙන්ම 2011 දී දකුණු ආසියාවේ ප්‍රථම වරට 4G LTE තාක්‌ෂණය සාර්ථකව අත්හදා බලන්නට පුරෝගාමී වූයේ ද SLT මොබිටෙල් සමාගමයි. මෙවන් නව තාක්‌ෂණයන් හඳුන්වා දෙන්නට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ SLT මොබිටෙල් නැවතත් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය සාර්ථකව අත්හදා බැලුයේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවටයි. 

4.5G LTE Advanced Pro තාක්‌ෂණයෙහි සුපිරි වේගයට හේතු වන්නේ අවසාන ග්‍රාහකයා වෙත නොනවත්වා දත්ත ගෙන යන සංඛ්‍යාත මාධ්‍ය කිහිපයක්‌ සමගාමීව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම තාක්‌ෂණය සතුවීමයි. LTE Advanced තාක්‌ෂණික සම්මතයේ භාවිතා වන OFDM (Orthogonal Frequency Division Multiplexing) සහ ඉහළ ගණයේ වාහක මූර්ජනය (Carrier modulation), ග්‍රාහක උපකරණ සහ රේඩියෝ ජාලයේ භාවිතා වන MIMO තාක්‌ෂණය සමඟ බද්ධ කිරීමෙන් ඉහළ දත්ත වේගයෙන් සැපයීමේ හැකියාවත්, සේවා පුළුල් කිරීමේ හැකියාවත් හිමිවී තිබේ.

අත්හදා බලන ලද 4.5G LTE Advanced Pro තාක්‌ෂණය විදුලි සංදේශ ක්‌ෂේත්‍රයේ වර්තමානයේ භාවිතා වන 44x4 MIMO (Multiple-Input Multiple-Output), ඉහළ ගණයේ මූර්ජනය වන 256 QAM (Quadrature Amplitude Modulation) සහ සමගාමී සංඛ්‍යාත 5 ක්‌ ක්‍රියාත්මක වන 5CC (five-component carrier) වලින් සන්නද්ධව තත්පරයට ගිගා බයිට්‌ 1 (1Gbps) ඉක්‌මවා යන දත්ත වේගයන් ග්‍රාහකයන් වෙත ලබා දීමට සමත් වේ. 

4.5G LTE Advanced Pro තාක්‌ෂණය අත්හදා බැලීමේදී Huawei Technologies සහ ZTE Corporation යන ආයතන ද්විත්වය තාක්‌ෂණික සහාය ලබාදී ඇති අතර මොබිටෙල් සතු තාක්‌ෂණික විද්‍යාගාර තුළ මෙම පූර්ව අත්හදා බැලීම් සිදුකර ඇත. 

LTE තාක්‌ෂණය අනාගත තාක්‌ෂණය ලෙස වැඩිදියුණු කිරීමට කැපවෙමින් මෙම 4.5G LTE තවත් වැඩිදියුණු කරන ලද තාක්‌ෂණය සාර්ථකව බැලීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජංගම දුරකථන තාක්‌ෂණික සමාගම් වන Vodafone, AT&T, Softbank, Telstra, Orange සහ China Mobile අතරට SLT මොබිටෙල් ආයතනයද එක්‌වෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 June 2016 10:49