May 05, 2024

පවුමෙහි අගය වාර්තාගත ලෙස පහතට

බ්‍රිතාන්‍යයේ ඊයේ නිමා වූ ජනමත විචාරණයෙන් පසු එරට මුදල් ඒකකයවන පවුමෙහි අගය සීග්‍ර ලෙස පහත බැස තිබෙන බව වාර්තා වේ.

1985 වසරෙන් පසු පවුමෙහි අගය මෙලෙස පහත වැටුණු පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපොල ද කඩාවැටීමකට ලක්ව ඇති බව පැවසේ.

අදාළ ජනමත විචාරණය පැවැත්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී ස්වාධීන වෙනවා ද, නැතිනම් තවදුරටත් එම සංගමය සමග සිටිනවා ද යන්න විමසීමට යි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට වූ මතය එහි දී ජයග්‍රහණය කළ අතර තවදුරටත් යුරෝපාසංගමය සමග සිටිය යුතු බවට වූ මතය දැරූ එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ඉල්ලා අස්වන බව ද ඊයේ නිවේදනය කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 June 2016 14:15