May 05, 2024

වැඩිහිටි දීමනාවෙන් කැපූ රුපියල් 100 ආපසු දෙන්න - කෝප් කමිටුව දන්වයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වැඩිහිටි දීමනාව වූ රුපියල් දෙදෙහසින් රුපියල් 100ක මුදලක් වෙනත් අරමුදලකට කපා ගන්නා බවට අනාවරණය වීමෙන් පසුව එම මුදල කපා ගැනීම වහාම නවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) විසින් වැඩිහිටි ලේකම් කාර්යාල ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මෙම රුපියල් සියයක මුදල දැනට මාස තුනක කාලයක් කපා ගන්නා ලද මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළි ගෙවීමට කටයුතු කරන්නැයි දැනුම් දුන් බව කෝප් කමිටුවේ සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මෙම රුපියල් 100 මුදල වෙනත් සුභසාධන අරමුදලක් සඳහා කපා ගෙන තිබිණි. අදාල අනුමැතියකින් තොරව එවැනි මුදල් කපා ගැනීමක් කළ නොහැකි හෙයින් මෙම දැනුම් දීම කර ඇතැයි වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 June 2016 17:42