May 04, 2024

ඉන්ධන ආනයන වියදම 41.5%කින් අඩුවෙලා

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේ ඉන්ධන ආනයන වියදම සියයට 41.5 කින් අඩුවී තිබේ.

මේ අනුව පසුගිය වසරේ (2015) මුල් මාස දෙකේ අමෙරිකානු ඩොලර් මිලියන 553.6 ක්‌ වූ ඉන්ධන ආනයන වියදම මේ වසරේ (2016) මුල් මාස දෙකේදී අමෙරිකානු ඩොලර් මිලියන 323.6 ක්‌ දක්‌වා අඩුවී ඇත.

ගිය වසරේ (2015) පෙබරවාරි මස අමෙරිකානු ඩොලර් 69.52 ක්‌ ලෙස වාර්තාවූ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල මේ වසරේ (2016) පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් 35.36 දක්‌වා අඩුවීම නිසා මෙසේ ඉන්ධන ආනයන වියදම් අඩුවී තිබේ.

Rate this item
(0 votes)