May 06, 2024

ගොඩනැගිලි ඉදිකිරීම් පිරිවැය 3% කින් ඉහලට?

සිමෙන්ති මිළ ඉහළ යාමට සමගාමීව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වන පිරිවැය සියයට 3 කින් පමණ ඉහළ යනු ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් ද සිල්වා මහතා පවසයි.

පිරිවැය ඉහළ යෑම නිසා ඉදිකිරීම් කටයුතුවල ප්‍ර‍මාදයක් සිදුවිය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

වෙළඳ නාම 5 ක් යටතේ නිෂ්පාදනය කෙරෙන කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60 කින් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි රුපියල් 870 ක්ව පැවති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 930 ක් දක්වා ඉහළ යනු ඇති.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නිෂ්පාදිත දිනය ජුනි මස 01 වැනිදා ලෙස සටහන්ව ඇති සිමෙන්ති කොට්ට පමණක් රුපියල් 930 කට විකිණිය හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 June 2016 10:25