May 06, 2024

ත්‍රිකුණාමලය ආශ්‍රිතවත් මහ නගරයක්

ත්‍රිකුණාමලය නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහාවන මහ නගර සැලැස්මක් සැකසීම සඳහා සිංගප්පූරුවේ සුබර්නා ජුරොන්ග් සමාගම සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ සිංගප්පුරුවේ සුබර්නා ජුරොන්ග් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්සන් තබා ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්.ඊස්වරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

 

Rate this item
(0 votes)