May 06, 2024

චීන ව්‍යාපාරිකයින් මෙරට ආයෝජන පුළුල් කිරීමට සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජනය පුළුල් කිරීමේ අරමුණින් චීන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් සහ මෙරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා අතර අද (06) පෙරවරුවේ දී සාකච්ඡාවක් පැවති බව ජාතික  ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමඟ මෙම හමුව පැවතියේ එම අමාත්‍යශ සංකීර්ණයේ දී ය.

මෙම සාකච්ඡාවේ දී ලංකාවේ සුළු පරිමාණ සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමටත්, මෙරට ව්‍යාපාර සඳහා ආයෝජන කිරීම පිළිබඳවත්, මෙරට ආයෝජනය සඳහා නව රාජ්‍ය ප්‍රතිපත්ති ඇති කිරීම පිළිබඳවත් සාකච්ඡා කළ බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 June 2016 16:17