May 06, 2024

ජපන් ව්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට සූදානම්

බස්නාහිර මහානගර ව්‍යාපෘතිය සදහා සිදුකළ හැකි ආයෝජන පිළිබදව ජපාන ව්‍යාපාරික ප‍්‍රජාවගේ හමුවක් පසුගියදා කොළඹ, වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. 

ජපාන තානාපති කෙනිචි සුගනාමා හා ජපානයේ යටිතල පහසුකම්, ඉඩම් හා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති ටනිවකි සටොරු ද මේ සදහා සහභාගී විය.

ශ‍්‍රී ලංකාව අවිධිමත් නාගරීකරණය නිසා බැටකන රටක් වී ඇති බවත් මෑතදී ඇතිවූ ගංවතුර උවදුර, ප‍්‍රවාහන තදබදය, කැලිකසල ප‍්‍රශ්ණය, නිවාස අර්බුදය ආදිය එයට නිදසුන් බවත් අමාත්‍ය චම්පික රණවක පැවසීය. 

මේ නිසා විධිමත් නාගරික සැලසුමක් සකස් කළ බවත් එය ක‍්‍රියාත්මක කිරීමට ජපානයේ දියුණු තාක්ෂණය, උපදේශනය හා මූල්‍ය ආයෝජනය අවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය.

ආපදා කළමනාකරණය සදහා ජපානයේ සහාය ලබා දෙන බව ජපාන තානාපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

Rate this item
(0 votes)