May 06, 2024

සිගරට් බදු සියයට 90කින් ඉහල දැමීමට අවධානය

දුම්වැටි සඳහා බදු 90% දක්වා වැඩිකළ යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

එසේම පාසල් සිසුන් අතර දුම්පානය 5% කින් පමණ අඩුව ඇති බවත් ජනතාව අතරද දුම්වැටි භාවිතය ද අඩුවෙමින් පවත්නා බවත් පසුගිය 31 වැනිදා දුම්වැටි විරෝධි දිවිනැගුම කොඩි දිනය නිමිත්තෙන් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසී ය.

"අද සිගරට්ටුවක් රුපියල් 35 ක්. බීඩියක් 10ට 3ලු. අඩු ආදායම්ලාභී පවුල්වල අය දුම්වැටි භාවිතයට ඇබ්බැහිවීමෙන් ඔවුන්ගේ පවුල් වල ආදායම් තත්වය බිඳී වැටෙනවා" යැයි ඔහු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)