May 06, 2024

ලංකාව සුපිරි ගමනක් අරඹයි - අන්තර්ජාල සේවාවල ලොකු වෙනසක්  

ඩයලොග් ආසිආටා සමාගමේ සමුද්‍රීය ෆයිබර් රැහැන් සම්බන්ධීකරණ පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාව පසුගිය 30 වැනිදා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සම්බන්ධීකරණ පර්යන්තය ගල්කිස්ස, සොයිසා මාවත, අංක 11 ස්ථානයේ ස්ථාපිතය.

මෙම BBG සමුද්‍රීය රැහැන් පද්ධතිය මගින් ශ්‍රී ලංකාවට තත්පරයකට ටෙරා බයිට් 6.4 ක ජාත්‍යයන්තර බෑන්ඩ්විත් පරාසයක් හිමි වන අතර එමඟින් දැනට පවතින අන්තර්ජාල සම්බන්ධතාවයන්හි වේගය සැලකිය යුතු පරිදි වර්ධනය වේ.

මේ සමගින් පාරිභෝගිකයින්ටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් අධිවේගි අන්තර්ජාල සහ සම්බන්ධතා පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩයලොග් සමාගම ආයෝජනය කර තිබෙන මුදල රුපියල් බිලියන 5 කි.

විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යය හරින් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජයසුරිය, ඩයලොග් ආසිආටා සමාගමේ සභාපති ඩාටුක් අසාට් කමලූඩින් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 June 2016 14:34