May 05, 2024

කළුතර රෝහල් සංවර්ධනයට පියවර

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කළුතර දිස්ත්‍රික්කයේ සියලු රෝහල් සංවර්ධනය කිරීමට තීරණය ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම රජය යටතේ පවතින කළුතර මහ රෝහල සහ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනයවන සියලු රෝහල් සංවර්ධනය කෙරේ. 

ඒ සඳහාවන මුළු වියදම 2,669,182,551.17 ක් බවත්, කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු අද (29) දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කළුතර මහ රෝහලේ මාතෘ හා ළමා රෝග වාට්ටු සංකීර්ණයක්, නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් (රු.මිලියන 435.74), අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් (රුපියල් මිලියන 468), ඖෂධ ගබඩාවක් (රුපියල් මිලියන 280.87), නව සායන ගොඩනැගිල්ලක් (රුපියල් මිලියන 155.70), අක්ෂි වාට්ටුවක් (රුපියල් මිලියන 256,61), නව ජල ටැංකියක්, කාර්යාල සඳහාවන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)