May 05, 2024

මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළට 

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළේ මාළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ කළමනාකාරීත්වය සඳහන් කරන්නේ ද පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඊට දැඩි ලෙස බලපා ඇති බවයි.

මේ වනවිට ලින්නා මාළු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 460ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 260ක මිලක පවතී.

එම තත්ත්වය තවත් සති ගණනාවක් ඉදිරියට පැවතිය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 May 2016 10:46