May 05, 2024

කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ කළමනාකරණයට සූදානම්

කඩොලාන පරිසර ආශ්‍රිත ප්‍රදේශ කළමනාකරණය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ජාතික ප්‍රතිපත්තියක් මගින් ක්‍රමවත් කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා ඒ බව පැවසූවේ 08 වැනි වරටත් පවත්වන ලද ද්වීවාර්ෂික ජාත්‍යන්තර ජල සමුළුවේ (Eighth Biennial International Waters Conference) සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි. ඒ අනුව දින 05ක් පුරා පැවති සමුළුවේ සමාප්තිය පසුගිය දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වා තිබේ.

එම අවස්ථාවට සීෂෙල්ස් හා මාලදිවයින් පරිසර අමාත්‍යවරුන් ද, Global Environmental Facilityහි ප්‍රධාන විධායක නිලධාරිනී නාකො ඉෂි මහත්මිය දෙ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා හා විදේශ නියෝජිතයන් 30‍ෙකට අධික පිරිසක් ද සහභාගී වී ඇත.

 

Rate this item
(0 votes)