May 05, 2024

ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයෙන් වාර්තාවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ හසුරුවීමේ අංශය නව වාර්තාවක් පිහිටුවා තිබේ.

2016 මාර්තු මාසයේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානයෙන් එක් මාසයක් තුළ ගුවන් භාණ්ඩ ටොන් 21,743 ක් බෙදා හරිමින් එම වාර්තාව පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළවන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ හසුරුවන්නාවන්නේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය විසින්වන අතර සියලු ගුවන් භාණ්ඩ ආනයන, අපනයන ප්‍රවාහනය සහ ප්‍රතිනැව්ගත කිරීම (transhipments) යනාදි සියලු කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය මසකට ටොන් 20.833 ක ගුවන් භාණ්ඩ ධාරිතාවක් ඉක්මවා හසුරුවමින් කාර්යක්ෂම සේවාවක් සිය පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත.

2015 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය හරහා ටොන්  35.877 ඇතුළත් ව සමස්ත ටොන් 212.277 ක් ගුවන් භාණ්ඩ මෙහෙයවමින් මුළු භාණ්ඩ සඳහා නව වාර්තාවක් තබා තිබිණි. එසේ ම එය 2014 වර්ෂයේ දී ගුවන් භාණ්ඩ ටොන් 199.651 ඉක්මවා ගොස් තිබිණි.

 

Rate this item
(0 votes)