May 03, 2024

ලංකා හෝස්පිටල් ගැන තීරණයක් නෑ - ඇමති එරාන් හෙළි කරයි

ලංකා හෝස්පිටල්හි අයිතිය වෙනස්වන්නේ නම් එය එහි කොටස්කරුවන් විසින් ගත යුතු තීරණයක් බවත් ශ්‍රී ලංකා රජය එහි බහුතර කොටස් හිමියා බැවින් කිසි ලෙසකින් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

සිංගපූරු පාර්ශවයක් සමග ලංකා හොස්පිටල් ගනුදෙනුවක් සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවට පළ වූ වාර්තා සත්‍යයෙන් තොර බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

රජය සිය ආයෝජන සංයුතිය විධිමත් කිරීම වෙනුවෙන් ලංකා හොස්පිටල් ඇතුළු තවත් සමාගම් කිහිපයක සිදුකර ඇති උපායශීලි නොවන ආයෝජන 2016 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය ඉවත්වන බව 2016 අයවැය යෝජනා අනුව දැක් වේ.

ඒ අනුව හේමාස් සහ සොෆ්ට්ලොජික් යන සමූහ සමාගම් දෙක ලංකා හොස්පිටල් ආයතනය මිල දී ගැනීම සඳහා උනන්දු බව ප්‍රකාශ කර තිබිණි.

 

Rate this item
(0 votes)