May 04, 2024

විපතට පත් ජනතාවට සහන සලසන්න වැඩපිළිවෙළක් 

මේ වනවිට ශ්‍රී ලංකාව පුරා උද්ගත වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් මේ වනවිට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දිවයින පුරා තිබෙන සිය ශාඛා ජාලය හරහා ආරම්භ කර තිබේ. 

ප්‍රාදේශීය පරිපාලන ඒකක හරහා හදිසි සහන සැලසීමේ අරමුණෙන් බෝතල් කළ පානීය ජලය, වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් (භාවිත කළ හැකි තත්වයේ තිබෙන), අනෙකුත් රෙදිපිළි හා ලිපිද්‍රව්‍ය අපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා ලබාදීම එහි අරමුණ වේ.

මෙවැනි ජාතික ආපදා තත්ත්වයක දී ජාතියක් ලෙස නැගී සිටීමේ අරමුණ පෙරදැරි ව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන කාර්යාලයට සහ මාතර , මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුර, හම්බන්තොට හා රත්නපුර යන ශාඛාවලට ඉහත සඳහන් ද්‍රව්‍ය 2016 මැයි මස 26 වැනි දිනට පෙර ලබාදෙන මෙන් මහ ජනතාවගෙන් කාරුණික ව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉල්ලා සිටී.

පහත දුරකථන අංක හරහා එම ශාඛා සමග සම්බන්ධ විය හැකි ය.

ශාඛාව         දුරකතන අංකය

කොළඹ 011 2356456

මාතර         041 2220094/95

මහනුවර 081 4474407/09

කුරුණෑගල 037 4691802/04

මීගමුව 031 2227859/61

යාපනය 021 2221455/66

අනුරාධපුර 025 2235244

හම්බන්තොට         047 2222010/11

රත්නපුර 045 2232388

Rate this item
(0 votes)