May 04, 2024

මඩකලපුව ගුවන්තොට සංවර්ධනයේ 80%ක් අවසන්

මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ කටයුතුවලින් මේ වනවිට 80%ක් පමණ අවසන් බව රජය නිවේදනය කරයි.

ගුවන්යානා පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීම ඒ යටතේ සිදු කර තිබේ.

ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිම කරවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වනවිට හිමි ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව වාණිජමය මගී සේවා සඳහා මෙහෙයුම් ආරම්භ කළ හැකිවන පරිදි මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2015 වර්ෂයේ දී අනුමැතිය ලබා දී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 May 2016 01:49