May 04, 2024

ලංකා හොස්පිටල් අයිතිය සිංගප්පූරු සමාගමකට ද?

රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා 2015 වසරේ දී රජය විසින් තීරණය කළ අතර එහි දී දේශීය ආරෝග්‍යශාලා හිමි සමූහ ව්‍යාපාර දෙකක් ලංකා හෝස්පිටල් ආයතනය මිල දී ගැනීමට උනන්දුව පළ කර තිබිණි.

මේ වනවිට ලංකා හෝස්පිටල් (පීඑල්සී)හි හිමිකාරත්වය ලබා ගැනීමේ සඳහා තුන්කොන් සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව සිංගප්පූරුවේ රෝහල් හිමි සමූහ සමාගමක් ද ලංකා හොස්පිටල් හිමිකාරීත්වය ලබා ගැනීම සඳහා උනන්දු වී ඇතැයි වාර්තා වේ. මීට පෙර දේශීය ආරෝග්‍යශාලා සමූහ දෙකක්වන සොෆ්ට්ලොජික් සහ හේමාස් ඒ සඳහා සිය උනන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

ලංකා හෝස්පිටල්හි බහුතර කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු සමාගමක් යටතේ පවතී. 

ලංකා හොස්පිටල් ගනුදෙනුව නුදුරේදීම සිදුවන බවට කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් මැයි මස මුල් සති දෙක තුළ දී පමණක් රුපියල් 59.00 සිට රුපියල් 75.00 දක්වා 27%කින් ලංකා හොස්පිට්ල්හි කොටස් මිල වර්ධනය වී තිබේ.

එහි 2016 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය වාර්තා පසුගිය දා නිකුත් කර තිබූ අතර ඊට අනුව අදාළ කාර්තුවේ දී බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 162.97 සිට රුපියල් මිලියන 192.66 දක්වා  වර්ධනය වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 May 2016 12:18