May 04, 2024

පළතුරු කිලෝග්‍රෑම් මිලියන 45ක් ආනයනය කරයි

2015 වසරේ දී රුපියල් මිලියන 5637ක් වටිනා පළතුරු කිලෝ ග්‍රෑම් මිලියන 45 ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

ඇපල්, මැන්ඩරීන්, දොඩම් සහ මිදි එලෙස ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එසේ ම එම වසරේ දී රුපියල් මිලියන 5173 ක වටිනාකමින් යුත් පළතුරු කිලෝ ග්‍රෑම් මිලියන 33 ක් අපනයනය කර තිබේ.

2014 වර්ෂයට සාපේක්ෂ ව පසුගිය වසරේ දී පළතුරු නිෂ්පාදනය ද 15.6% කින් ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ අලිගැටපේර, කොමඩු, කිලෝපේර, රඹුටන් සහ අන්නාසි යන පළතුරු වර්ග ය.

 

Rate this item
(0 votes)