May 04, 2024

කඳුකරයේ තේ ඵලදාව ඉහළ යයි

මධ්‍යම කඳුකරයට වැසි ලැබීමත් සමග තේ ඵලදාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉකුත් කාල සීමාවේ දී දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට මෙන් ම මධ්‍යම කඳුකරයට ද අධික වියළි කාලගුණික තත්ත්වයක් පැවතියේ ය. ඒ හේතුවෙන් සිය තේ වගාවන් විනාශ වූ බව ගොවීහු ප‍්‍රකාශ කරති.

කෙසේ වුව ද යළි වැසි ලැබීමත් සමග තේ ඵලදාව මෙලෙස ඉහළ ගොස් තිබේ. වතු කම්කරුවෙකු දිනකට අමු තේ දළු කිලෝ 18 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය.

තේ ඵලදාව ඉහළ යාම හේතුවෙන් මේ වනවිට වතු කම්කරුවෙකු දිනකට අමු තේ දළු කිලෝ 40 ත් 50 ත් අතර ප‍්‍රමාණයක් නෙලන බව වාර්තා වේ.

අමතර තේ දළු කිලෝවක් සඳහා වතු කම්කරුවෙකුට රුපියල් 23 බැගින් ගෙවීමට වතු හාම්පුතුන් තීරණය කර තිබේ.

 

Rate this item
(0 votes)